හෙට (15) සිට දිවයිනට බලපාන වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
අද (14) පෙරවරුවේ ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සුළු වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
එමෙන්ම, බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.