නැගෙනහිර මෝසම් තත්ත්වය දැන් ස්ථාපිත වී ඇති බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණයක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම අද දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැක. එමෙන්ම උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ වේගයකින් යුත් තරමක තද සුළං ද අපේක්ෂා කෙරේ. මේ තත්ත්වය හමුවේ මහජනතාවට විමසිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
