පසුගිය දිනවල බරපතල බිඳවැටීම් ගණනාවක් සමඟින් ආරම්භ වූ කොටස් වෙළෙඳපොළ ඊයේ
(දෙසැම්බර් 09) දිනයේ ගනුදෙනු අවසානයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.
මෙම පිබිදීම ආයෝජන අංශය තුළ නව උනන්දුවක් සහ අපේක්ෂාවක් ඇති කර තිබේ.
මෘදුකාංග
සේවා, ගෘහ මෙවලම්, තොරතුරු සන්නිවේදන, රක්ෂණ, බැංකු, සෞඛ්‍ය සේවා හා
මෙවලම්, පාරිභෝගික සේවා සහ සිල්ලර වෙළෙඳාම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කොටස්
මිල දී ගැනීම් මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය. මෙම වසරේ තුන්වැනි
කාර්තුවේදී ලැයිස්තුගත සමාගම්වල ප්‍රතිලාභ සීමා වී තිබුණද, වසර අවසන් වන
කාර්තුවේදී ඇති විය හැකි ඉල්ලුම අපේක්ෂාවෙන් ගනුදෙනු යුහුසුළු වී ඇති බවක්
පෙනෙන්නට තිබේ. විශේෂයෙන් පසුගිය දිනවල පහළ වැටුණු මිල ගණන් සහිත සමාගම්
කොටස් මිල දී ගැනීමට නව උන්නදුවක් නිර්මාණය වෙමින් පවතී.
සුළි සුළං
ආපදා තත්ත්වයන්ගෙන් විනාශයට පත් ජන ජීවිතය නගා සිටුවීම සඳහා රජය අනුගමනය
කරන පිළිවෙත් පිළිබඳ ආයෝජන අංශ අපේක්ෂා සහගතව පසුවේ. දේශීය හා විදේශීය ආධාර
සහන වැඩපිළිවෙළ ශක්තිමත් වී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද නව
අවධානයකින් යුතුව කටයුතු කිරීමට සූදානමක පසුවේ. මෙරටට වැඩිම සංචාරක පිරිසක්
පැමිණි වසර වශයෙන් සනිටුහන් වෙමින් පවතින අතරවාරයේ, එහි ආදායම ද ආර්ථික
වර්ධනයට එකතු වනු ඇතැයි ආයෝජන අංශ බලාපොරොත්තු වේ.
විදේශීය
ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ද තරමක් ඉහළ ගොස් ඇත. සඳුදා දිනයේ ගනුදෙනුවලදී
විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 68.56 ක් වූ අතර, විකිණීම් රුපියල්
මිලියන 25.2 කි. මෙය රුපියල් මිලියන 43 ක ශුද්ධ විදේශ ආයෝජන ප්‍රවාහයක්
පෙන්නුම් කරයි. ඉකුත් සිකුරාදා සහ සඳුදා දින දෙක තුළ පමණක් රුපියල් මිලියන
115 ක විදේශ ආදායමක් රටට ලැබී තිබේ.
