හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් කොස්ගම බොරළුගොඩදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව, වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 03 වන දා සවස බොරළුගොඩදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වැලිකන්න, වග ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. හෝමාගම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත, හංවැල්ල පොලිසියේ සහය ඇතිව, හංවැල්ල, තුම්මෝදර ප්‍රදේශයේ නිවසකදී වෙඩික්කරු, යතුරු පැදියෙහි පැදිකරු සහ අපරාධයට ආධාර දුන් කාන්තාවක් ඊයේ (09) අත්අඩංගුවට ගැනුණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
