**කොළඹ, ශ්‍රී ලංකාව** - ශ්‍රී ලංකාව පුරා දරුණු වර්ෂාපතනයක් සහ ගංවතුර
තත්වයක් ඇති කළ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමට ප්‍රතිචාර වශයෙන්,
ගෝලීය බ්ලොක්චේන් ප්‍රමුඛයා වන Binance හි සුබ සාධන අංශය වන Binance
Charity, හදිසි මානුෂීය මෙහෙයුම් සහ කඩිනම් යථා තත්වයට පත් කිරීමේ වැඩසටහන්
සඳහා සහාය වීමට රුපියල් මිලියන 61.6 (ඇ.ඩො. 200,000) ක මුදලක් පරිත්‍යාග
කිරීමට තීරණය කර ඇත. මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකා රතු කුරුස සංගමය (SLRCS)
හරහා යොමු කිරීමට නියමිත අතර, දැවැන්ත විනාශයකින් පීඩාවට පත් ජනතාවට ක්ෂණික
සහන සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
Binance Charity ශ්‍රී ලංකාවට මිලියන 61.6ක ආධාර!
දිට්වා
සුළි කුණාටුව හේතුවෙන් රට පුරා මිලියනයකට අධික ජනතාවගේ ජීවිත අඩාල වී ඇති
බව වාර්තා වේ. නිවාස ජලයෙන් යට වී, අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට හානි
සිදුවී, අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රවේශ වීම ඇනහිට ඇත. ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානය (DMC) පවසන පරිදි, දැඩි වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් අවතැන්
වූ පුද්ගලයන් 200,000කට ආසන්න පිරිසක් දැනට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන
1000කට අධික සංඛ්‍යාවක රැඳී සිටිති. සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන්
විදුලි සම්ප්‍රේෂණ මාර්ග සහ ට්‍රාන්ස්ෆෝමර් වලට සිදු වූ හානියත් සමග බිඳ
වැටුණු විදුලිය, ජලය සහ සන්නිවේදන පහසුකම් ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන්
යථා තත්වයට පත් කරන බව ද බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Binance
Charity හි මෙම පරිත්‍යාගය, ආහාර, පිරිසුදු පානීය ජලය, සනීපාරක්ෂක හා
පිරිසුදුකාරක කට්ටල, වෛද්‍ය උපකරණ හා අවශ්‍යතා, හදිසි වෛද්‍ය ආධාර සහ
තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සහන
සඳහා උපකාරී වනු ඇත. තවද, පීඩාවට පත් වූ ජනතාව සඳහා මුදල් ආධාර සැපයීමට ද
මෙයින් පහසුකම් සැලසේ. මෙම සමස්ත සහයෝගයෙන් අවතැන් වූවන් මුහුණ දෙන
දුෂ්කරතා අවම කිරීම සහ සුළි කුණාටුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත් ප්‍රදේශවලට
සිදුවූ හානි යථා තත්වයට පත් කිරීමේ වැඩසටහන් කඩිනම් කිරීමට අපේක්ෂා කෙරේ.
Binance
හි APAC ප්‍රධානියා වන SB සේකර් මහතා සිය අදහස් දක්වමින් කියා සිටියේ,
“දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ දැවැන්ත විනාශය ගැන අපි බෙහෙවින් කණගාටු
වන අතර, ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාවට ඒ මොහොතේ අවශ්‍යම උපකාර
ලබා දීමට Binance කැපවී සිටිනවා. ශ්‍රී ලංකා රතු කුරුස සංගමය සමග එක්ව
කටයුතු කිරීම නිසා විශාල වශයෙන් පාඩු සිදු වූ පවුල්වලට අත්‍යවශ්‍ය සහන
ලැබෙන බව අපට සහතික විය හැකියි. අපේ හදවත් ශ්‍රී ලංකාවේ ජනතාව සමග
නිරන්තරයෙන් බැඳී තියෙනවා වගේම ඔවුන්ගේ ජීවිත යථා තත්වයට පත්වනතුරු ඔවුන්ට
සහය වීමට අපි කැපවී සිටිනවා.” යනුවෙනි.
ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ
මහලේකම් ආචාර්ය මහේෂ් ගුණසේකර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “දිට්වා
සුළි කුණාටුව නිසා පෙර කවරදාකත් නොවූ තරමේ අභියෝගයකට අපේ ජනතාවට මුහුණ
දෙන්න සිදුවී ඇති අතර දහස් ගණනක් ජනතාවට හදිසි ආධාර අවශ්‍ය වී තිබෙනවා.
ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අපි මේ මොහොතේ දී ජීවිත ආරක්ෂා කරමින් පීඩාවට
පත් ජනතාවට යළි ස්ථාවර වීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබා දෙනවා. Binance
Charity වෙතින් ලැබුණු මෙම පරිත්‍යාගය අපි අවංකවම අගය කරන අතර ඒ ලබාදුන්
සහයෝගය අපි සිදුකරන කාර්යයන් ඉක්මනින් හා ඵලදායී ලෙස සිදුකරන්න අපිට උපකාරී
වෙනවා.” යනුවෙනි.
