බණ්ඩාරවෙල නගරයේ වෙළඳ සංකීර්ණයක් අසල බුර්කාවක් පැළඳ කාන්තාවක් ලෙස සැකකටයුතු අන්දමින් සැරිසැරූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා නගරයේ දමිළ විද්‍යාලයක අධ්‍යාපනය ලබන අතර පාසලේ නාට්‍ය හා රංග කලාව හදාරන අයෙකි. විමර්ශන වලදී හෙළිවී ඇත්තේ, ඔහු භාරත නාට්‍යවල තරුණියක ලෙස අවස්ථා කිහිපයකදීම රඟපා ඇති බවයි. තම මව එවන ලද මුදලින් මාසයකට පමණ පෙර මෙම බුර්කාව මිලදී ගත් බවත්, බුර්කාවක් ඇඳීමට තිබූ ආශාව නිසා සහෝදරිය උපකාරක පන්ති ගිය පසු ඇගේ ඇඳුම්, සෙරෙප්පු සහ රූපලාවණ්‍ය උපකරණ රැගෙන නගරයේ පාලු ස්ථානයකට ගොස් එය පැළඳ නගරයේ සැරිසැරූ බවත් සිසුවා පොලිසියට පවසා ඇත. විදේශගතව සිටින ඔහුගේ මව සහ පියා හේතුවෙන් මෙම සිසුවා තම සහෝදරිය සමඟ ආච්චිගේ නිවසේ රැඳී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.
