චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වොන්ග් ඊ මහතා අද අලුයම දිවයිනට පැමිණියේය. මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඒ මහතා දිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා පියාසර කරමින් සිටියදී, බෙයිජිං ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අද අලුයම 1.05ට පමණ ඒ මහතා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණ තිබේ.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ අමාත්‍යවරයා අතර හමුව අද පැවැත්වීමට නියමිත අතර, එහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.වොන්ග් ඊ මහතා ඇතුළු දූත පිරිස අද පෙරවරු 11ට පමණ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.