ආපදා පැවති ප්‍රදේශවලින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක මෙම වැඩිවීම් අතර ප්‍රධාන වන බවයි.ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
මේ දිනවල ඩෙංගු වෛරසයේ දෙවන හා තෙවන කාණ්ඩ ක්‍රියාකාරීව පැතිර යමින් පවතින බවයි. මෙම වසරේ මේ දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,170 දෙනෙකු වාර්තා වී ඇත.ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරන්නේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41ක ඩෙංගු අවදානම් තත්ත්වයක් පවතින බැවින්, මහජනතාව විෂබීජ නාශක කටයුතු සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.