කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම බොක්ක ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවයි. මේ හේතුවෙන් දිවයිනේ කාලගුණයට එම පද්ධතියෙන් සිදුවන බලපෑම සැලකිය යුතු ලෙස අඩුවෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටීමට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි.
එපමණක් නොව, නිරිතදිග බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර බෝට්ටු සහ අනෙකුත් නාවික ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නිකුත් කරන ලද අනතුරු ඇඟවීම්ද මේ වන විට ඉවත් කර තිබේ. මෙම තත්ත්වය සමග, අදාළ මුහුදු ප්‍රදේශවල සාමාන්‍ය කටයුතු යළි ආරම්භ කිරීමට අවස්ථාව උදා වී ඇත.