මෙම සැලැස්ම ක්‍රියාත්මක වන්නේ තරග නැරඹීමට පැමිණෙන සහ අවට ප්‍රදේශවාසී ජනතාවගේ පහසුව පිණිසයි.තරග පැවැත්වෙන ප්‍රේමදාස ක්‍රීඩාංගනය අවට සිදුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, අද දහවල් 12.00 සිට තරග අවසන් වනතෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය කොට්ඨාශය අවධාරණය කරන්නේ, කිසිදු මාර්ගයක් සම්පූර්ණයෙන් වැසීමක් හෝ ගමනාගමනය සීමා කිරීමක් සිදු නොවන බවයි.
රථවාහන ප්‍රවාහය සුමටව පවත්වාගෙන යාම සඳහා උපදෙස් ලබාදීම සහ විකල්ප මාර්ග සඳහා යොමු කිරීම පමණක් සිදු කෙරේ.ප්‍රදීපා මාවත, සද්ධර්ම මාවත, ජයන්ත වීරසේකර මාවත, පන්සල පාර, අඩි 100 පාර, බෝධිරාජ මාවත සහ වින්සන්ට් පෙරේරා මාවත වැනි මාර්ගවල ඇතිවිය හැකි තදබදය අවම කර ගැනීම සඳහා මෙම විකල්ප මාර්ග භාවිතය පිළිබඳව දැනුම් දී ඇත. රියදුරන්ගේ සහ මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කෙරේ.