එළඹෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තම අපේක්ෂාවන් අභිබවා යනු ඇතැයි හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන නසාර් හුසේන් මහතා ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් අතර විශාල උද්යෝගයක් ඇති කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශක්තිමත් හා කුසලතාවන්ගෙන් හෙබි ක්‍රීඩකයින් බිහි කිරීමට සමත් ඉතා හොඳ ක්‍රිකට් ව්‍යූහයක් දිවයින සතු බව නසාර් හුසේන් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පසුගිය කාලසීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කළ තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමක් පෙන්නුම් කළද, වත්මන් කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී යම් පෙරළියක් කරනු ඇතැයි තමාට දැඩිව හැඟෙන බව හුසේන් මහතා අවධාරණය කළේය. .