නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රමුඛ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (12) පෙරවරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ රජය විසින් යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ඉවත් කර ගන්නා ලෙස බලකරමිනි.
සත්‍යග්‍රහයේ යෙදී සිටින විමල් වීරවංශ මහතා සඳහන් කළේ, මෙම ප්‍රතිසංස්කරණ රටේ අධ්‍යාපන පද්ධතියට අහිතකර ලෙස බලපාන බවයි. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවට ද ඔහු දැඩි ඉල්ලීමක් කළේය.