දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන රුපියල් 10,000 දීමනාව ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. මෙම මූල්‍ය සහනය සුළි කුණාටුවෙන් අහිතකර ලෙස බලපෑ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහය වීම අරමුණු කර ගෙන ඇත.
මෙම දීමනාවට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මේ වන විටත් යොමු කර ඇති බව සඳහන් වේ. රජයෙන් මීට පෙර ලබා දුන් රුපියල් 15,000 දීමනාව හිමිවූ සියලුම පාසල් සිසුන්ට මෙම අමතර රුපියල් 10,000ක දීමනාව හිමිවනු ඇත.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී සිදුකළ ප්‍රකාශය පරිදි, දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ සෑම පාසල් සිසුවකුටම සමස්තයක් ලෙස රුපියල් 25,000ක මූල්‍ය ආධාරයක් හිමි වනු ඇත.