හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය චමිත‍්‍රී ජයනිකා රඹුක්වැල්ල මහත්මියට, මුදල් විශුද්ධිකරණයට සහාය දීමේ චෝදනා මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
සැකකාරිය රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර, ඒ සමගම විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත. ඇයට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දීම සම්බන්ධයෙනි.
මෙම සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවකදී රත්මලාන ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු බව කියන සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල මහතාද සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහුටද අයථා මුදල් විශුද්ධිකරණයට සහාය දීමේ චෝදනා එල්ල වී තිබේ.