ඇමරිකා එක්සත් ජනපදය සහ හවුල්කාර හමුදා ඊයේ (10) දින සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර, සිරියාවේ ISIS සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වන 'ඔපරේෂන් හොක්අයි ස්ට්‍රයික්' (Operation Hawkeye Strike) නම් මෙහෙයුමේ කොටසක් ලෙස සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නවතම ප්‍රහාර එල්ල කර ඇත්තේ, පසුගිය මාසයේ 13 වන දින සිරියාවේදී IS සංවිධානය විසින් ඇමරිකානු හමුදාවන්ට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයකට පළිගැනීමක් වශයෙනි. ඇමරිකානු හමුදාවන් සඳහන් කර ඇත්තේ, තම භට පිරිස් ඉලක්ක කරගත් ප්‍රහාරවලට මෙවැනි ප්‍රතිචාර අඛණ්ඩව ලබා දෙන බවයි.
'ඔපරේෂන් හොක්අයි ස්ට්‍රයික්' මෙහෙයුම පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේදී ඇමරිකාව විසින් නිල වශයෙන් නිවේදනය කරන ලදී. සිරියාවේ පැල්මයිරා ප්‍රදේශයේදී IS ත්‍රස්තවාදියෙකු විසින් ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ ඇමරිකානු සිවිල් පරිවර්තකයකු ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම ආරම්භ විය. එය ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සැලකේ.
ඊයේ දින සිදු කළ ප්‍රහාරවලට පෙර ද, ඇමරිකානු හමුදා පසුගිය මස 19 දින සිට 29 දින දක්වා කාලය තුළ 'ඔපරේෂන් හොක්අයි ස්ට්‍රයික්' හි කොටසක් ලෙස මෙහෙයුම් 11ක් දියත් කර තිබුණි. මෙම මෙහෙයුම් හරහා IS සංවිධානයට අයත් සාමාජිකයින් කිහිප දෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ඇමරිකා එක්සත් ජනපද සහ ජෝර්දාන හමුදා එක්ව, පසුගිය දෙසැම්බර් 19 වන දින 'ඔපරේෂන් හොක්අයි ස්ට්‍රයික්' හි පළමු ප්‍රහාරය දියත් කළ බවද වාර්තා වේ.