හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාලපුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණේ මීට සුළු මොහොතකට පෙරය.

ඒ මහතා වෙළෙද අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීම සහ රජයට පාඩු සිදුකිරීම යන චෝදනා සම්බන්ධයෙනි.

මීට දින කීපයකට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා ද මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.