රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමට අදාළ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
පසුගිය 2025 නොවැම්බර් මාසයේදී රටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධති දෝෂ හේතුවෙන්, රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට මහජනතාවට දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවිය. මෙම තත්ත්වය මඟ හරවා මාර්ග ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි, 2025 නොවැම්බර් 25 වනදා සිට දෙසැම්බර් 24 වනදා දක්වා කල් ඉකුත් වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වූ දින සිට මාසයක කාලයකින් දීර්ඝ කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන්, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.