ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩ්රික්සන් මහත්මිය විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන තර්ජනාත්මක ප්‍රකාශ වහාම නතර කරන ලෙස අවධාරණය කර තිබේ. මෙම ප්‍රකාශ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් බවට පත්වෙමින් තිබේ.
ජනාධිපති ට්‍රම්ප් පසුගිය මාස ගණනාවක සිට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ග්‍රීන්ලන්තය මිල දී ගෙන එය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් බවට පත්කිරීමට තමා අදහස් කරන බවයි. ග්‍රීන්ලන්තය ස්වයං පාලනයක් සහිත දූපත් රාජ්‍යයක් වන අතර, එහි නීත්‍යානුකූල අයිතිය ඩෙන්මාර්ක රජය සතු වේ. ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍යවරිය මෙම යෝජනාව 'විකාර සහගත' ලෙස හඳුන්වා දී ඇත.
ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශය සිදුකර ඇත්තේ, වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයකින් පසු එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා අත්අඩංගුවට ගෙන ඇමෙරිකාවට ගෙන යෑමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී බව වාර්තා වේ. මෙම සිදුවීමත් සමඟ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමුවී ඇත.