විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් මීරිගම මිනී ඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණියේය. එහිදී එතුමා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, මකුලෑවේ විමල ශ්‍රී මාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම හමුවේදී විපක්ෂ නායකවරයා රටේ වර්තමාන තත්ත්වය සහ පසුගිය කාලයේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මීරිගම ප්‍රදේශය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට සිදු වූ බලපෑම් සම්බන්ධයෙන් මහනාහිමියන් සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්තේය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, වත්මන් රජය ක්‍රියාවට නංවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත් නොවන බවයි. තමන්ගේ මතය පමණක් ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීම හැරෙන්නට, වෙනත් කිසිවකුගේ මතයන්ට ගරු නොකිරීම කනගාටුවට කරුණක් බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.
රටට සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, සියලු දරුවන්ට සුහුරු උපකරණ ලබා දී ආරක්ෂාකාරී අන්දමින් ඒවා භාවිතා කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවද මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට විපක්ෂ නායක මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ඇතුළු ප්‍රදේශයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිටියහ.