ශ්‍රී ලංකාවට නීපා වෛරසය පැතිරීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි.
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් නිපා වෛරස රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සංචරණ සීමා නිර්දේශ කර නොමැත. නිපා වෛරසය ප්‍රධාන වශයෙන් පලතුරු වවුලන් අතර දක්නට ලැබෙන අතර, ආසාදිත සතුන් හෝ ද්‍රව්‍ය සමග සමීප සම්බන්ධතා වලින් කලාතුරකින් මිනිසුන්ට බෝවිය හැක.
එය ඉන්ෆ්ලුවෙන්සාව මෙන් වාතයෙන් පැතිරෙන වෛරසයක් නොවන අතර, සාමාන්‍ය සම්බන්ධතා වලින් පහසුවෙන් නොපැතිරේ. රෝගීන් කඩිනමින් හඳුනාගැනීමට ශක්තිමත් නිරීක්ෂණ පද්ධතියක් සහ වහාම ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශය සතුය. වෛද්‍ය පර්යේෂණ ආයතනය සතුව රෝග නිර්ණය සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කටයුතු කරමින් කලාපීය තත්ත්වය නිරීක්ෂණය කරන අතර, නිවැරදි තොරතුරු සඳහා නිල මූලාශ්‍ර පමණක් විශ්වාස කරන ලෙස ජනතාවට උපදෙස් දෙයි.
කිසියම් සැකසහිත රෝගී තත්ත්වයක් හඳුනාගතහොත්, වේගවත් හා කාර්යක්ෂම ප්‍රතිචාරයක් ලබාදීමට අමාත්‍යාංශය සම්පූර්ණයෙන් සූදානම්ය.