නේටෝ හමුදා රැස්වීමමෑතකදී කුඩා ප්‍රංශ හමුදා කණ්ඩායමක් තොරතුරු රැස්කිරීමේ මෙහෙයුමක් සඳහා ග්‍රීන්ලන්තයට පැමිණ ඇත. මෙම ප්‍රදේශයේ උපායමාර්ගික වැදගත්කම වැඩිවෙමින් පවතින පසුබිමක මෙම පැමිණීම සිදුවී තිබේ. ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල හමුදා කණ්ඩායම් දැනටමත් විවිධ මෙහෙයුම් සඳහා ග්‍රීන්ලන්තයේ ක්‍රියාත්මක වෙති.
ප්‍රංශ හමුදා කණ්ඩායමේ පැමිණීමෙන් අනතුරුව, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කළේ තවත් බලඇණි මෙම කණ්ඩායමට එක්වන බවයි. මෙම ප්‍රකාශයත් සමඟ ග්‍රීන්ලන්තයේ මිලිටරි ක්‍රියාකාරකම් තවදුරටත් පුළුල් වීමේ ඉඟියක් ලබා දෙයි. ආක්ටික් කලාපයේ භූ දේශපාලනික තරඟකාරිත්වය තීව්‍ර වෙමින් පවතින බව මින් පැහැදිලි වේ.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ අදහස නැවත නැවතත් අවධාරණය කර ඇති පසුබිමක, නේටෝ සංවිධානයේ සාමාජික රටවල හමුදාවන්ගේ මෙම ක්‍රියාකාරකම් විශේෂ වැදගත්කමක් දරයි. ග්‍රීන්ලන්තය ආක්ටික් කලාපයේ ප්‍රධාන භූ දේශපාලනික කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් පවතින අතර, මෙවැනි හමුදා පැමිණීම් ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.