අමෙරිකාව විසින් ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව බව වාර්තා වේ.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම නව තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි. බලපෑමට ලක්වන රටවල් අතර ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය වැනි ප්‍රධාන රටවල් කිහිපයක් ද ඇතුළත් වේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ ක්‍රියා පටිපාටි නැවත සමාලෝචනය කරන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇතැයි පැවැසෙයි. එම ක්‍රියා පටිපාටි සමාලෝචනය අවසන් වූ පසු මෙම තහනම පිළිබඳව නැවත තීරණයක් ගැනීමට නියමිතය.