අද දිනයේදී ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
ඒ අනුව, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය මේ දක්වා වාර්තා වූ ඉහළම මිල ලෙස සටහන් වෙනවා. ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,600 දක්වාද ඉහළ ගිය බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා සමගින් රන් මිල තවදුරටත් වෙනස්වීම් වලට ලක්විය හැකි බවයි විශේෂඥයින් පවසන්නේ.