ඉරානයේ ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 45 ඉක්මවයි. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ඉරාන රජය මුහුණ දෙන දැවැන්ත ජනතා විරෝධතාවලදී මේ වනවිට පුද්ගලයන් 45කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පළාත් 31ක් පුරා පිහිටි නගර 100කට වැඩි සංඛ්‍යාවක ජනතාව මෙම විරෝධතා සඳහා සම්බන්ධ වී සිටින බව වාර්තා වේ. ආර්ථික අර්බුද හේතුවෙන් උත්සන්න වී ඇති මෙම තත්ත්වය හමුවේ, පුරවැසියන් විශාල පිරිසක් වීදි බැස උද්ඝෝෂණ කරති.

විරෝධතා තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින්, ඉරාන රජය විසින් රට පුරා අන්තර්ජාල සේවා විසන්ධි කිරීමට පියවර ගෙන තිබේ. ඉරාන මුදල් ඒකකයේ දැවැන්ත බිඳවැටීම මෙම පුළුල් ජනතා විරෝධතා රැල්ලට මූලික හේතුව වී ඇති බව සඳහන්ය.